Skip to main content

Posts

ප්‍රථම අඟහරු භූ කම්පන - First Detected Quakes on Mars

ප්‍රථම අඟහරු භූ කම්පන - First Detected Quakes on Mars

නාසා ආයතනය පසුගියදා ප්‍රථම වතාවට අඟහරු මත භූ කම්පන නිරීක්ෂණය කිරීමට සමත් වී තිබෙනවා. මෙමෙ සොයාගැනීම සඳහා දායක වී තිබෙන්නේ ඔවුන් මෑතකදී අඟහරු මත ගොඩබස්වන ලද InSight යානයයි.
මෙම InSight යානය අඟහරු මත ගොඩබැස්සේ පසුගිය නොවැම්බර් 26 වන දිනයි. එම යානය අඟහරු මත භූ කම්පන හඳුනා ගත හැකි ඉතාමත් සංවේදී උපකරණයකින් සමන්විතයි. .
මෙම උපකරණය මගින් නාසා අයතනයේ මූලික පරමාර්ථය වන අඟහරු ග්‍රහයාගේ අභ්‍යන්තර ව්‍යුහය නිර්ණය කිරීමට හැකි වන බවයි සඳහන් වෙන්නේ. පසුගිය අප්‍රේල් 6 වන දින තමයි මෙම භූ කම්පනය වාර්තා වෙලා තියෙන්නේ.(InSight යානය ගොඩබස්වා දින 128 ක් ගතවන දිනයේ)

මෙම භූ කම්පනය ඇති වීමට හේතුව තවමත් සොයා ගැනීමට පර්යේෂකයන්ට හැකිවෙලා නෑ. නමුත් ඔවුන් සදහන් කරන්නේ මෙම කම්පනය පෘථිවියයේ ඇතිවන කම්පන වලට වඩා සඳ මත ඇතිවන කම්පන වලට සමානත්වයක් දක්වන බවයි. මෙයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ පෘථිවිය මත මෙන් අඟහරුගේ භූ තැටි නොමැතිවීම හෝ එවා දුර්වල චලනය වීමකින් තොර එවා බවයි. එම නිසා මෙම කම්පන ඉතාමත් දුර්වල කම්පන බවයි සදහන් වෙන්නේ.
නාසා ආයතනය සදහන් කරන ආකාරයට මෙම කම්පන පෘ…
Recent posts

අභ්‍යවකාශයේ ශීතලෙන් විදුලිය - Electricity from the Coldness of Space

අභ්‍යවකාශයේ ශීතලෙන් විදුලිය - Electricity from the Coldness of Space ස්ටැන්ඩර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් අලුත් ආකාරයකට විදුලිය නිපදවීමට සමත් වී තිබෙනවා. මෙම ලිපියෙන් එය පිළිබඳව ඔබට කෙටි අදහසක් ලබාගන්න පුලුවන් වේවි. 
ඇත්තටම සූර්යා තමයි අපගේ පෘථිවියයේ සියලුම ජීවයට ශක්තිය ලබා දෙන්නේ. සූර්යා නැතිනම් පෘථිවිය සෙමෙන් සෙමෙන් සිසිල් වීමට පටන් ගන්නවා. තාප ශක්තිය විකිරණය මගින් අභ්‍යවකාශයට ලබා දෙන නිසා තමයි මෙහෙම වෙන්නේ. මේක සිදුවෙන්නේ තාපගතික නියමයන්ට අනුවයි. 
අභ්‍යවකාශයේ උෂ්ණත්වය ඉතාමත් අඩු මට්ටමකයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අභ්‍යවකාශයේ උෂ්ණත්වය 2.725 K (-270.4°C ,-454.72°F) පමණ වෙන්වා. ඒ කියන්නෙ ඉතාමත් පහළ අගයක්. එම නිසා පෘථිවියයේ අඩුම උෂ්ණත්වය තිබෙන ප්‍රදේශවලත් අභ්‍යවකාශයත් අතර උෂ්ණත්ව පරතරය ඉතාම විශාලයි. 200°Cක් පමණ.
මෙම නිසා පෘථිවියයේන් විකිරණය මගින් ශක්තිය අභ්‍යවකාශයට කාන්දු වෙන්වා. මෙම උපකරණ මගින් කරන්නේ මේ පිටවයන විකිරණය මගින් විදුලිය නිපදවන එකයි. සාමාන්‍ය සූර්ය පැනලයකින් සිදු කරන දෙයම තමයි මෙම උපකරණයෙනුත් සිදු කරන්නේ. එහිදී සූර්යා මගින් නිකුත් කරන විකිරණය වෙනුවට පෘථිවියෙන් පිටව…

විශ්වයේ පළමු අණුව - First type of Molecule in Space

විශ්වයේ පළමු අණුව - First type of Molecule in Space


තාරකාවිද්‍යාඥයින් විසින් විශ්වයේ මහා පිපුරුමට පසු සෑදුනු පළමු අණුව සොයා ගැනීමට සමත් වී තිබෙන්වා. මෙම ලිපියෙන් ඔබට ඒ පිළිබඳව පොඩි හැදින්වීමක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. 
මහා පිපුරුමට පසු විශ්වයේ අවුරුදු ගනනාවක් යනකල් කිසිම අණුවක්(Molecule) හැදුනෙ නෑ, මොකද ඒ කාලයේ විශ්වය ඉතාම උණුසුම් හා විකිරණශීලි තත්ත්වයක පැවතුන නිසා පරමාණු එකිනෙකට බන්ධනය වීමට හැකියාවත් තිබුනේ නැහැ. නමුත් එම කාලයේ හයිඩ්‍රජන් , හීලියම්, ලිතියම් වගේ පරමාණු(Atoms) පැවතුනා. තාරකාවිද්‍යාඥයින් විශ්වාස කරන ආකාරයට අවුරුදු 100000ක් පමණ ගත උනාට පස්සේ තමයි විශ්වය සිසිල් වෙලා තියෙන්නේ අණුවක් සෑදීමට උචිත වෙන විදිහට. එම නිසා හයිඩ්‍රජන් සහ හීලියම් එකතු වෙලා හැදුණු හීලියම් හයිඩ්‍රයිඩ් (Helium Hydride) අණුව තමයි විශ්වයේ හැදුණු පළමු අණුව විදිහට හොයාගෙන තියෙන්නේ. 
ඉතිං නාසා ආයතනයේ Stratospheric Observatory For Infrared Astronomy (SOFIA) කියන උපකරණය මේ අණුව සොයා ගැනීමට පසුගියදා සමත් වෙලා තියනවා. මේක හොයාගෙන තියෙන්නේ NGC-7072 කියන නෙබියුලාවෙ තියන අපේ සූර්යා වගේ තරුවක් විනාශ උනාට පස්සේ…

Svalbard Global Seed Vault ලෝක බීජ සුරක්ෂිතාගාරය

Svalbard Global Seed Vault ලෝක බීජ සුරක්ෂිතාගාරය
මොහොතකට සිතන්න කිසියම් හෝ ක්‍රියාවක් නිසා මුලු ලෝකයේම ශාක විනාශ වී ගියහොත් මොකක් වෙයිද කියලා. ශාක විනාශ වී ගියොත් මිනිසා ඇතුලු අනෙක් සතුන්ටත් වාසය කිරීමට නොහැකි තත්ත්වයක් උදා වෙන්වා මොකද සාමාන්‍යයෙන් ආහාර පද්ධති වල ප්‍රාථමික නිශ්පාදකයා ශාක වන නිසා. අපිට අවශ්‍ය ඔක්සිජන් ලබා දෙන්නේ ශාක ප්‍රභාසංස්ලේෂණය මගින්. ඉතිං ඉහත කියපු විදිහට න්‍යෂ්ටික යුද්ධයක් මගින් හරි ස්වාභාවික ව්‍යසනයක් මගින් හරි එහෙම තත්වයක් උදා උනොත් එක්කට අපි ගන්න ක්‍රියාමාර්ග මොනවාද ? 

මෙම හේතුව නිසා Cary Fowler සහ CGAIR (Consultative Group on International Agricultural Research) ආයතනය සහභාගීව ලෝක බීජ සුරක්ෂිතාගාරය (Svalbard Global Seed Vault) ආරම්භ කලා. මේක පිහිටලා තියෙන්නේ නෝර්වේ රාජ්‍යයේ Svalbard දූපත් සමූහයේයි. මෙහි ලෝකයේ ශාක වර්ග රාශියක බීජ කිසියම් හෝ ව්‍යසනයක් සිදු වුනහොත් ලබා ගැනීමට සුරක්ෂිතව ගබඩා කරලා තියනවා.
මෙම සුරක්ෂිතාගාරය ගොඩනැගීමට මුල්ගල් තබන්නේ 2006 ජූනි 19 වනදායි. මෙය විවෘත කරන්නේ 2098 ජනවාරි 8 වෙනිදායි.  මෙම සුරක්ෂිතාගාරය තුල දැනට බීජ සාම්පල 940000ක් පමණ, එක් වි…

Artificial Lights. Are they healthy.? කෘතිම ආලෝකය. සෞඛ්‍යට හිතකරද.?

Artificial Lights. Are they healthy.?  කෘතිම ආලෝකය.සෞඛ්‍යට හිතකරද.? අප ජීවත් වන්නේ ඉතාමත් සීග්‍රයෙන් දියුණුවන ලෝකයකයි. එම ලෝකයේ මනුෂ්‍ය ජීවන රටාව ඒහා සමානවම වෙනස්වීමට ලක්වෙනවා. අතීතයේ රාත්‍රිය ලගා වනවාත් එක්කම අපගේ මුතුන්මිත්තන් වැඩ නිමාකර රාත්‍රියේ නින්දට යනවා. නැවතත් උදෑසන වැඩ ආරම්භ කරනවා. නමුත් අපගේ ජීවිත හාත්පසින්ම එම රටායෙන් වෙනස් වෙනවා. රාත්‍රියේ නියම වෙලාවට නින්දට යන්නේ අපෙන් කීහිප දෙනෙක් විතරයි. මානවයාගේ ආරම්භයේ සිටම ඉහත කී ජෛව විද්‍යාත්මක රටාවටම අපගේ ශරීරය සහ මනස හැඩගැසී තිබෙනවා. නමුත් අපගේ රාත්‍රී ජීවන රටාව නිසා එම රටාව වෙනස් වීමෙන් අපගේ සෞඛ්‍යට බලපෑම් එල්ල විය හැකි බව විද්‍යාඥයන් පවසනවා. 
මුලින්ම ආලෝක ප්‍රභවයක් ලෙස සූත්‍රිකා බල්බ මිනිසුන් යොදා ගත්තා. ඉන්පසුව Florescent Tubes සහ CFL බල්බ වඩාත් සූත්‍රිකා බල්බ වලට වඩා කාර්යක්ෂම නිසා ඒවා භාවිතයට ගැනුනා. මෑතක සිට LED බල්බ යොදා ගැනීම වඩාත් ජනප්‍රිය වුනා. මෙයට හේතුව එයට වඩාත් කාර්යක්ෂම සහ ස්වාභාවික ආලෝකයට සමාන  ලෙස ආලෝකය ලබා දීමට  හැකිවුන නිසයි. නමුත් මෙයත් සමගම සෞඛ්‍ය ගැටළු රාශියක් නිර්මාණය විය හැකි බව මෙය පිලිබඳව පරීක්ෂණ පවත්වන විද…

Fertilizer from Human urine? මානව මුත්‍ර මගින් පොහොර?

Fertilizer from Human urine? මානව මුත්‍ර මගින් පොහොර?
මානව මුත්‍ර නයිට්‍රජන් සහ පොස්පරස් වලින් ඉතාමත් පොහොසත්. එම මූලද්‍රව්‍ය ශාක වල වර්ධනයට අදාල ඉතමත් වැදගත් මූලද්‍රව්‍යන් වනවා. ෆින්ලන්තයේ නව පර්යේෂකයන් පිරිසක් මානව මුත්‍ර වල එම අඩංගු පෝෂ්‍ය පදාර්ථ උකහා ගැනීමට සමත් වී තිබෙන්වා. ඔවුන් පවසන්නේ මෙම සොයාගැනීම අනාගතයේදී විශාල වෙනසක් සිදු කිරීමට ඉඩ තිබෙන බවයි. 
මුත්‍ර වල අඩංගු යූරියා වල නයිට්‍රජන් අඩංගු වෙනවා. ඒ වගේම ශරීරයට අනවශ්‍ය පොස්පරස් ශරීරයෙන් බැහැර කරන්නේද මුත්‍ර මාර්ගයෙන්. ඔබට හිතෙනවා ඇති ඍජුවම මුත්‍රා ශාක මතට යොදන එක වඩාත් ලාභදායි කියලා. නමුත් එය ප්‍රායෝගික නෑ. මොකද මුත්‍ර වල අඩංගු විෂබීජ මානව සෞඛ්‍යට බලපෑම් කරන්නට පුලුවන් නිසා. එම නිසා මුත්‍රා වලින් එම සංඝටක වෙන් කරගැනීම වඩාත් සුදුසුයි. ඒම නිසා පර්යේෂකයන් මෙය සිදු කිරීමේ වඩාත් කාර්යක්ෂම ක්‍රමයක් සොයමිනුයි සිටියේ. මෙම නව ක්‍රමය සොයාගැනීමට මූලික වුනේ පරිසර විද්‍යාඥ Surendra Pradhan. කලින් පැවති ක්‍රම වලට අනුව නයිට්‍රජන් සහ පොස්පරස් දෙකම අඩංගු සංඝටකකයක් වන Magnesium-Ammonium Phosphate නිපදවලා තියනවා. නමුත් මෙම මූලද්‍රව්‍ය දෙකම එකම විට …

Fukushima Nuclear Disaster ෆුකුෂිමා න්‍යෂ්ටික ව්‍යසනය

Fukushima Nuclear Disaster  ෆුකුෂිමා න්‍යෂ්ටික ව්‍යසනය 2011 වර්ෂයේ මාර්තු මාසයේ මුළු ලොවම කම්පා කරමින් ලොව සිදුවූ ප්‍රබලතම න්‍යෂ්ටික අනතුරක් සිදු උනා. එය සිදු වුනේ ජපානයේ Fukushima DaiiChi න්‍යෂ්ටික බලාගාරයේදීයි. මෙම අනතුර නිසා ජපාන මුහුදු තීරය ඉතා විශාල ලෙස දූෂණයකට ලක් වුනා. එමගින් සිදු වූ පරිසර හානිය ඉතා විශා ලයි. මෙම අනතුර සිදු වූ ආකාරය එයට බලපෑ හේතු පිළිබඳව සරලව සොයා බලමු.
ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය මුලින්ම ක්‍රියාත්මක කරන්නේ 1971 වර්ෂයේදී. Tokyo Electric Power Company එහෙමත් නැත්තම් TEPCO සමාගමට අයත් මේ බලාගාරය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක 6කින් සමන්විතයි. මෙම ප්‍රතික්‍රියාකාරක ජලය යොදාගෙන සිසිල් කරන්න තමා නිර්මාණය කරලා තියෙන්නේ. මෙම බලාගාරය මගින් සමස්ථ 4.7GWe බලයක් නිපදවීමට සමත් වෙලා තියෙනවා. මෙම බලාගාරය පිහිටලා තියෙන්නේ ජපානයේ ෆුකුෂිමා දිස්ත්‍රික්කයේ Okuma සහ Futaba නගර දෙකේයි. මෙය මුහුදට ආසන්නයේම පිහිටා තිබුනා එයට හේතුව මෙම බලාගාරය සිසිල් කිරීමට මුහුදු ජලය යොදාගන්න නිර්මාණය කර තිබුන නිසා. 2011 මාර්තු 11 දින ප.ව.2.24 ජපාන ගිණිකොණ දිග මුහුදු තීරයේ රිච්ටර් පරිමාණ 9 ක භූමිකාවක් සිදුවෙනව…