Skip to main content

Svalbard Global Seed Vault ලෝක බීජ සුරක්ෂිතාගාරය

Svalbard Global Seed Vault ලෝක බීජ සුරක්ෂිතාගාරය
By Miksu (Own work) [CC BY-SA 3.0 (https://creativecommons.org/licenses/by-sa/3.0)], via Wikimedia Commons

මොහොතකට සිතන්න කිසියම් හෝ ක්‍රියාවක් නිසා මුලු ලෝකයේම ශාක විනාශ වී ගියහොත් මොකක් වෙයිද කියලා. ශාක විනාශ වී ගියොත් මිනිසා ඇතුලු අනෙක් සතුන්ටත් වාසය කිරීමට නොහැකි තත්ත්වයක් උදා වෙන්වා මොකද සාමාන්‍යයෙන් ආහාර පද්ධති වල ප්‍රාථමික නිශ්පාදකයා ශාක වන නිසා. අපිට අවශ්‍ය ඔක්සිජන් ලබා දෙන්නේ ශාක ප්‍රභාසංස්ලේෂණය මගින්. ඉතිං ඉහත කියපු විදිහට න්‍යෂ්ටික යුද්ධයක් මගින් හරි ස්වාභාවික ව්‍යසනයක් මගින් හරි එහෙම තත්වයක් උදා උනොත් එක්කට අපි ගන්න ක්‍රියාමාර්ග මොනවාද ? 
By NordGen/Dag Terje Filip Endresen [Public domain], via Wikimedia Commons

මෙම හේතුව නිසා Cary Fowler සහ CGAIR (Consultative Group on International Agricultural Research) ආයතනය සහභාගීව ලෝක බීජ සුරක්ෂිතාගාරය (Svalbard Global Seed Vault) ආරම්භ කලා. මේක පිහිටලා තියෙන්නේ නෝර්වේ රාජ්‍යයේ Svalbard දූපත් සමූහයේයි. මෙහි ලෝකයේ ශාක වර්ග රාශියක බීජ කිසියම් හෝ ව්‍යසනයක් සිදු වුනහොත් ලබා ගැනීමට සුරක්ෂිතව ගබඩා කරලා තියනවා.
මෙම සුරක්ෂිතාගාරය ගොඩනැගීමට මුල්ගල් තබන්නේ 2006 ජූනි 19 වනදායි. මෙය විවෘත කරන්නේ 2098 ජනවාරි 8 වෙනිදායි.  මෙම සුරක්ෂිතාගාරය තුල දැනට බීජ සාම්පල 940000ක් පමණ, එක් විශේෂයකින් බීජ 500 බැගින් අඩංගු වෙනවා. මෙම සුරක්ෂිතාගාරය ගොඩනැගීමට දළ වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 9ක් පමණ වැය වෙලා තියනවා.
මෙම සුරක්ෂිතාගාරයට අනවසරයෙන් කාටවත්ම ඇතුලු වන්නට බැරි විදිහට තමා නිපදවලා තියෙන්නේ. මෙහි ගබඩා කරලා තියන  බීජ පර්යේෂණ වලට යොදා ගන්නේ නෑ ඒ වගේම කිසිම ආකාරයකින් නැවතත් නිකුත් කරන්නේ නෑ. ඇත්තටම මෙය ඉහත අපි කතා කරපු ආකාරයට ව්‍යසනයක් සිදුවුණ විටදී විතරයි නැවතත් ප්‍රයෝජනයට ගන්න පුලුවන්. හරියටම කියනවනම් backup එකක් වගේ තමයි නිපදවලා තියෙන්නේ. 

Source
https://en.wikipedia.org/wiki/Svalbard_Global_Seed_Vault

Comments

Popular posts from this blog

Genetic Engineering ජාන ඉංජිනේරු විද්‍යාව

ජාන ඉංජිනේරු තාක්ෂණය (Genetic Engineering) මේ ලිපියෙන් ජාන ඉංජිනේරු තාක්ෂණය (Genetic Engineering) කියන්නෙ මොකද්ද? ඒ සම්බන්ධයෙන් මූලික කාරණා පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි හදන්නේ. ඇත්තටම මෙය ඉතාමත් සීග්‍රයෙන් දියුණු වන ඉතාමත් පුළුල් මාතෘකාවක් කියන එක මුලින්ම කියන්න ඕනෙ, ඒ වගේම මේක ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක්. මේ සම්බන්ධයෙන් මූලික කාරණා කීපයක් අද අපි ලිපිය තුළින් කතා කරමු. 



 ජාන ඉංජිනේරු තාක්ෂණය කියලා සරලවම හදුන්වන්නේ ජීවියෙකුගේ ජාන සැකැස්ම වෙනස් කිරීමටයි. ඒක කරන්නේ ජීවියෙක්ගේ ජීනෝමය (Genome) තුල අඩංගු DNA වෙනස් කිරීමෙනුයි.
Genome කියන්නේ මොකක්ද?
ජීනෝමය කියලා හදුන්වන්නේ යම්කිසි ජීවියෙකු වර්ධනය සහ වැඩෙන්නට අවශ්‍ය වන සම්පූර්ණ ජානමය උපදෙස් මාලාවකට. උදාහරණයක් විදිහට මානව ජීනෝමය ගත්තොත් එහි DNA භෂ්ම යුගල (Base pairs) 300000000 ක් විතර ක්‍රෝමෝසෝම (Chromosome ) 23 ක අඩංගු වෙලා තියනවා.
මෙම ජාන ඉංජිනේරු තාක්ෂණයේදී සාමාන්‍යයෙන් කරන්නේ ජීනෝමයේ සමහර භෂ්ම යුගල් ඉවත් කිරීම, DNA අණුවේ කොටස් ඉවත් කිරීම වගේම වෙනත් ජීවියෙකුගේ DNA එකතු කිරීම වගේ දේවල්.
ඇයි මෙහෙම කරන්නේ?
ඇත්තටම මෙහෙම ජාන සැකැස්ම වෙනස් කරන්නේ යම…

විශ්වයේ පළමු අණුව - First type of Molecule in Space

විශ්වයේ පළමු අණුව - First type of Molecule in Space


තාරකාවිද්‍යාඥයින් විසින් විශ්වයේ මහා පිපුරුමට පසු සෑදුනු පළමු අණුව සොයා ගැනීමට සමත් වී තිබෙන්වා. මෙම ලිපියෙන් ඔබට ඒ පිළිබඳව පොඩි හැදින්වීමක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. 
මහා පිපුරුමට පසු විශ්වයේ අවුරුදු ගනනාවක් යනකල් කිසිම අණුවක්(Molecule) හැදුනෙ නෑ, මොකද ඒ කාලයේ විශ්වය ඉතාම උණුසුම් හා විකිරණශීලි තත්ත්වයක පැවතුන නිසා පරමාණු එකිනෙකට බන්ධනය වීමට හැකියාවත් තිබුනේ නැහැ. නමුත් එම කාලයේ හයිඩ්‍රජන් , හීලියම්, ලිතියම් වගේ පරමාණු(Atoms) පැවතුනා. තාරකාවිද්‍යාඥයින් විශ්වාස කරන ආකාරයට අවුරුදු 100000ක් පමණ ගත උනාට පස්සේ තමයි විශ්වය සිසිල් වෙලා තියෙන්නේ අණුවක් සෑදීමට උචිත වෙන විදිහට. එම නිසා හයිඩ්‍රජන් සහ හීලියම් එකතු වෙලා හැදුණු හීලියම් හයිඩ්‍රයිඩ් (Helium Hydride) අණුව තමයි විශ්වයේ හැදුණු පළමු අණුව විදිහට හොයාගෙන තියෙන්නේ. 
ඉතිං නාසා ආයතනයේ Stratospheric Observatory For Infrared Astronomy (SOFIA) කියන උපකරණය මේ අණුව සොයා ගැනීමට පසුගියදා සමත් වෙලා තියනවා. මේක හොයාගෙන තියෙන්නේ NGC-7072 කියන නෙබියුලාවෙ තියන අපේ සූර්යා වගේ තරුවක් විනාශ උනාට පස්සේ…

අභ්‍යවකාශයේ ශීතලෙන් විදුලිය - Electricity from the Coldness of Space

අභ්‍යවකාශයේ ශීතලෙන් විදුලිය - Electricity from the Coldness of Space ස්ටැන්ඩර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් අලුත් ආකාරයකට විදුලිය නිපදවීමට සමත් වී තිබෙනවා. මෙම ලිපියෙන් එය පිළිබඳව ඔබට කෙටි අදහසක් ලබාගන්න පුලුවන් වේවි. 
ඇත්තටම සූර්යා තමයි අපගේ පෘථිවියයේ සියලුම ජීවයට ශක්තිය ලබා දෙන්නේ. සූර්යා නැතිනම් පෘථිවිය සෙමෙන් සෙමෙන් සිසිල් වීමට පටන් ගන්නවා. තාප ශක්තිය විකිරණය මගින් අභ්‍යවකාශයට ලබා දෙන නිසා තමයි මෙහෙම වෙන්නේ. මේක සිදුවෙන්නේ තාපගතික නියමයන්ට අනුවයි. 
අභ්‍යවකාශයේ උෂ්ණත්වය ඉතාමත් අඩු මට්ටමකයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අභ්‍යවකාශයේ උෂ්ණත්වය 2.725 K (-270.4°C ,-454.72°F) පමණ වෙන්වා. ඒ කියන්නෙ ඉතාමත් පහළ අගයක්. එම නිසා පෘථිවියයේ අඩුම උෂ්ණත්වය තිබෙන ප්‍රදේශවලත් අභ්‍යවකාශයත් අතර උෂ්ණත්ව පරතරය ඉතාම විශාලයි. 200°Cක් පමණ.
මෙම නිසා පෘථිවියයේන් විකිරණය මගින් ශක්තිය අභ්‍යවකාශයට කාන්දු වෙන්වා. මෙම උපකරණ මගින් කරන්නේ මේ පිටවයන විකිරණය මගින් විදුලිය නිපදවන එකයි. සාමාන්‍ය සූර්ය පැනලයකින් සිදු කරන දෙයම තමයි මෙම උපකරණයෙනුත් සිදු කරන්නේ. එහිදී සූර්යා මගින් නිකුත් කරන විකිරණය වෙනුවට පෘථිවියෙන් පිටව…